Followers

ආගිය අය

Powered by Blogger.

හැදින්වීම

ස්වභාවික පරිසරයත් සමග මනා බැදීමකින් යුතුව ජීවත් වූ මිනිසා තමන්ට වැලදුණු ලෙඩ රෝග සුව කරැනීම ස හා තමා අවට තිබුණු ස්වාභාවික දේ උපයෝගී කරගත්තේය.

තාක්ෂණයෙන් හා විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලය මිනිසා ස්වාභාවික පරිසරයෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් කෘතිම ජීවන රටාවකට හුරු වී ඇත. මේ නිසා මිනිසා තම රෝග සුව කරැනීම සද හා යොදාගත් සරල අත්බේත් පිළිබද අවබෝධය හා විශ්වාසය ක්‍රමයෙන් සමාජයෙන් ඈත් වෙමින් යයි.

පාරම් පරිකව පැවත ‍එන මෙම ප්‍රතිකාර ක්‍රම කා හටත් ප්‍රයෝජනය ලැබිය හැකි පරිදි නවීන තාක්ෂනය හරහා ප්‍රසිද්ධ කිරීමට ලැබීම. මාගේ සතුටට කරුණකි.

මේ සදහා මා දිරි ගැන්වූ එළකිරි ටොට් කොම් හි සහෝදර කැලට බෙහෙවින් ස්තූති වන්ත වන අතර, එලකිරි සාමාජික tharinda76 ට මාගේ විශේෂ ස්තුතියද හිමිවේ.

බඩ රිදුමට

Posted by වසන්ත කුමාර Monday, December 6, 2010

අපත්‍ය ආහාර ගෙන හෝ අජීර්ණයක් නිසා හෝ බඩේ රුදාව ඇති වූ විට

අමු ඉගුරු කුඩා කෑල්ක්,
ලුණු කැටයක්,
සුදුලූනු බිකක්,
කරාබු නැට්ටක්,
ගම්මිරිස් ඇට කීපයක්,
බුලත් කොළයක ඔතා රෝගියාට විකා ගිලීමට සලස්වන්න. ඉතා වේදනාකාරී බඩ රුදාව නවතී..........

0 comments

Post a Comment