Followers

ආගිය අය

Powered by Blogger.

හැදින්වීම

ස්වභාවික පරිසරයත් සමග මනා බැදීමකින් යුතුව ජීවත් වූ මිනිසා තමන්ට වැලදුණු ලෙඩ රෝග සුව කරැනීම ස හා තමා අවට තිබුණු ස්වාභාවික දේ උපයෝගී කරගත්තේය.

තාක්ෂණයෙන් හා විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵලය මිනිසා ස්වාභාවික පරිසරයෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් කෘතිම ජීවන රටාවකට හුරු වී ඇත. මේ නිසා මිනිසා තම රෝග සුව කරැනීම සද හා යොදාගත් සරල අත්බේත් පිළිබද අවබෝධය හා විශ්වාසය ක්‍රමයෙන් සමාජයෙන් ඈත් වෙමින් යයි.

පාරම් පරිකව පැවත ‍එන මෙම ප්‍රතිකාර ක්‍රම කා හටත් ප්‍රයෝජනය ලැබිය හැකි පරිදි නවීන තාක්ෂනය හරහා ප්‍රසිද්ධ කිරීමට ලැබීම. මාගේ සතුටට කරුණකි.

මේ සදහා මා දිරි ගැන්වූ එළකිරි ටොට් කොම් හි සහෝදර කැලට බෙහෙවින් ස්තූති වන්ත වන අතර, එලකිරි සාමාජික tharinda76 ට මාගේ විශේෂ ස්තුතියද හිමිවේ.

ඇසට රොඩ්ඩක් වැටුන විට

Posted by වසන්ත කුමාර Thursday, December 23, 2010 1 comments

ඇසට රොඩු කෑල්ක්, කෙස් ගස් කෑල්ලක්, කුඩා සතෙක්, මැස්සෙක් වැටුන විටදී ගැනීමට අපහසු නම්... කතා නොකර නිදිකුම්බා පැයක් ගවා මුල අරගන්න හොදට සෝදා රොඩ්ඩ වැටුන ඇහැට විරුද්ධ පැත්තෙ හක්කෙන් කටේ දමා විකා එම ඉස්ම ගිලින්න ටික වේලාවක් දෙනෙත් පියාගෙන සිටින්න කබ සමග ඔබ නොදැනුවත්වම රොඩ්ඩ එලියට එයි....

පිලිස්සුමට

Posted by වසන්ත කුමාර Wednesday, December 8, 2010 0 comments




1.
සුළු වශයෙන් පිලිස්සුණු විගස බිත්තර සුදු මදය තල තේ සමග මිශ්‍ර කර ගාන්න. දිය පට්ට ඒම නවතී.

2. ශරීරයේ වැඩි කොටසක් පිලිස්සුණ විටදී භාජනයකට පොල්තේ ගෙන එම කොටස පොල්තෙල් වලින් තෙමන්න ඉන්පසු කෙසෙල් ගසේ පතුරු ගලවා වතුර නොමැතිව ඉස්ම මිරිකා එයට විටට කෑමට ගන්න හුනු තේ හැදි 1 ක් මිශ්‍ර කර ඇග ගල්වන්න දිය පට්ට ඒම වලකී.

3. සුලු පිලිස්සීමකදී කහ කුඩු දෙහි ඇඹුලින් අනා ගෑමෙන් දැවිල්ල දුරුවේ.
4. ඇසිඩ් වර්ගයකින් පිලිස්සුණ විටදී බිත්තර සුදු මදය සමග ඔලිව් තෙල් මිශ්‍ර කර ගෑමද ඉතා වටී

බඩ රිදුමට

Posted by වසන්ත කුමාර Monday, December 6, 2010 0 comments

අපත්‍ය ආහාර ගෙන හෝ අජීර්ණයක් නිසා හෝ බඩේ රුදාව ඇති වූ විට

අමු ඉගුරු කුඩා කෑල්ක්,
ලුණු කැටයක්,
සුදුලූනු බිකක්,
කරාබු නැට්ටක්,
ගම්මිරිස් ඇට කීපයක්,
බුලත් කොළයක ඔතා රෝගියාට විකා ගිලීමට සලස්වන්න. ඉතා වේදනාකාරී බඩ රුදාව නවතී..........

පාඩම් හිටීමට

Posted by වසන්ත කුමාර Sunday, December 5, 2010 1 comments




ඉතා පිරිසිදු මී පැණි අවුන්ස 1 ක් පමණ ගෙන ගණ දෙවියන්ට පූජා කරන වේලාවේදී (ගණ දෙවියන්ට පූජා කරන හැටි පහත සවිස්තරව දක්වා ඇත) මි පැණි එම පූජාවට තබා රැගෙන විත් හිමිදිරියේ අවදිව මුහුණ කට සෝදා හොද මානසික සංවරයකින් ඉහත කී මී පැණි ටිකක් දකුණු අතේ වෙදැගිල්ලේ ගල්වා දිවේ කෙලින් ඉරක් අදින්න. ඉන්පසු තමාට පහසු වේලාවක් පාඩම් කරන්න. මී පැණි ටික අවසන් වනතුරැ කරන්න. බදාදා දිනක පටන් ගන්න


ගණ දෙවි පූජාව පවත්වන අයුරු


ගණදෙවි පූජාව පැවැත්වීමේ අරමුණ අත පොත් තැබීමක්‌, කුඩා දරුවන්ට අකුරු කියවීම, පාසල් යන පලමු දින, තරග විභාග සදහා හෝ වෙනත් සුබ කටයුත්තක්‌ හෝ සඳහා නම්, පූජාව තැබීමට අදහස්‌ කරන කාමරය හෝ ස්‌ථානය හෝ ඉතා හොඳින් පිරිසිදු කළ යුතුය. ඊට පසු කහ දියර ඉසීමෙන් කිළිදොස්‌ නැසිය යුතුය. අකුරු කියෑවීමට හෝ ශාස්‌ත්‍රිය අනෙක්‌ අංශයකට සම්බන්ධ කාර්යයකට හෝ නොවේ නම් ගණදෙවි දේවාලයක පූජාව පැවැත්වීම යහපත්ය.

පෙරාගත් ජලයට අමුකහ ස්‌වල්පයක්‌ ද, සුදු හඳුන්, ස්‌වල්පයක්‌ ද ගලගා දමා දෙහි ගෙඩියක්‌ ද කපා දමා මිටි කිරි ස්‌වල්පයක්‌ මුසු කොට මේ සියල්ල එකට කලතා පිළියෙල කරගත් කහ දියර, පූජාව තබන ස්‌ථානයේ ඉසීම වඩාත්ම සුදුසුය. පූජාව තැබීමට අදහස්‌ කරන ස්‌ථානයේ උස මේසයකට හෝ තාවකාලිකව තැනූ උස ආසයනකට හෝ සුදු පිරුවටයක්‌ එල්නන. ගණදෙවි ප්‍රතිමාවක්‌ හෝ පින්තූරයක්‌ හෝ ගෙන එයට ද ඉහත සඳහන් ආකාරයට පිළියෙල කරගත් කහ දියර ඉස මේසය මත තබන්න. ඊට පසු සුවඳ දුම් දෙන්න. ඒ සඳහා සුදුසුම දුම් බෙහෙතක්‌ සකස්‌ කරවා ගත යුතුය. අෂ්ඨ ධූපය ඉතා උසස්‌ ය. මුළු කාමරයම සුවඳ දුමින් සුවඳවත් කරන්න. සුවඳ දුම් දෙන්න.

රන්වන් පැහැයෙන් යුතු මල් වර්ග සතක්‌, තැඹිලි ගෙඩියක්‌, බුලත් කොළ කිහිපයක්‌, පොරි, සකුරු, අඹ, දොඩම්, කෙසෙල්, කරුංකා පුවක්‌, හබල පෙති, අතිරස අග්ගලා උඳු, මුං, තල, මෑ, වී, කඩල, මීපැණි, කිරිබත්, කැවුම්, පස්‌ගෝරස පඬුරු ද පෙරාගත් පැන් භාජනයක්‌ද, බුලත් කොළයක තැබූ ගලගා ගත් සුදු හඳුන් ස්‌වල්පයක්‌ ද තබන්න. හැකිනම් සුදු පිරුවටය මත හා අවට බෙලි කොළ තැබීම හොඳයි. සුවඳ හමන මල් වර්ගවලින් තැනූ මල් මාලයක්‌ ගෙන ගණ දෙවි රුවට පළඳවා, ඉහත සඳහන් පූජා භාණ්‌ඩ තබන්න. පහන් තිර තුනක්‌ හෝ හතක්‌ හෝ ඇති පොල්තෙල් පහනක්‌ දල්වන්න. හඳුන්කූරු හා කපුරු ද දල්වා තබන්න. පස්‌ගෝරස කිරි, දී කිරි, (මුදවාපු) ගිතෙල්, මෝරු, වෙඬරු (බටර් කේජු) ගෝරසයෙන් ම පිළියෙල වන්නකි. එබැවින් එය ද මේ ගණයට ලා සැලකීම වැරදි නැත.

මුඩ්ඩ සහිත පොල් ගෙඩිය මත කපුරු පෙත්තක්‌ දල්වා, පොල් ගෙඩිය දෑතින් ගෙන ගණ දෙවි රුව වටා දක්‍ෂිණාවෘතව හෝම පවත්වමින් "ඕම් ගණේෂාය නමඃ" පාඨය එකසිය අට වරක්‌ කියන්න.

ඊට පසු සියලු දෙවි දේවතාවුනට පින් පමුණුවා දැල්වෙන පහනින් තෙල් ස්‌වල්පයක්‌ ගෙන අකුරු කරවන දරුවාගේ හිසෙහි ආලේප කර ශාස්‌ත්‍ර ධාරණය වේවා යි ආශීර්වාද කරන්න. ඒ සමගම පහත සඳහන් ගණදෙවි ස්‌තෝත්‍ර හත් වරක්‌ ගායනා කරන්න. ඉන්පසු අකුරු කියවන්න. අකුරු කරන්න. සරස්‌වතී දේවිය හා ගණ දෙවියන් වෙනුවෙන් මේ පුද පූජා පවත්වන විට, අකුරු කියෑවීමේ තැනකට පැය දෙකකට කලින්වත් එය යොදාගත යුතුය. මේ සියල්ල නිසි අයුරු ඉටු කළ හැකි වන්නේ එවිට ය. අකුරු කියවන දරුවාද හැකිතාක්‌ මේ කටයුතුවලට සම්බන්ධ කරගන්නේ නම් ඉතා යහපත් ය. එහෙත් මේ අවස්‌ථාවේ දරුවාට විවේකය ඉතාම අවශ්‍ය වෙයි. ඒ නිසා මේ කටයුතුවල ප්‍රථම අවස්‌ථාවේත්, අවසාන අවස්‌ථාවේත්, පමණක්‌ දරුවා එයට සම්බන්ධ කර ගැනීම වඩාත්ම යෝග්‍යයෑයි සිතමි.

ශ්‍රී ගණ දෙවියෝ

මහේශ්වරයාගේ හා පාර්වතියගේ වැඩිමහල් පුත්‍රයාය. ශුභ කටයුතුවලදී ප්‍රථමයෙන්ම ගණ දෙවියන් නැමදීම බොහෝ කාලයක සිට හින්දු බැතිමතුන් අතර පැවසෙන සිරිතෙකි. නුවණට අධිපතියා ලෙසද, සියලු අනතුරු, උපද්‍රව විනාශ කරන්නා ලෙසද හැඳින් වෙයි. ගණ දෙවියන්ගේ උපත පිළිබඳ නොයෙක්‌ විසිතුරු කතා ඇත. එක්‌ කථාවක්‌ මෙසේය.

පුතකු පතා පාර්වතිය විෂ්ණු දෙවියනට පූජා පැවැත්වූවාය. විෂ්ණු ළදරු වෙසක්‌ ගෙන පාර්වතියගේ පුත්‍රයා විය. පාර්වතියට පුතකු ලැබුණ බව ඇසූ දෙවිවරු එහි පැමිණ මේ දැකුම් කලු කුමාරයා දෙස බලා සිටියහ. එහෙත් සෙනසුරු පමණක්‌ මේ කුමාරයා දෙස නොබලා බිම බලා ගෙන සිටියේය. බිම බලාගෙන සිටින්නේ ඇයි දැයි පාර්වතිය සෙනසුරුගෙන් විමසූවාය.

මගේ භාර්යාව මට ශාපයක්‌ කර තිබෙනවා. කිසිවකු දෙස බැලුව හොත් ඔහු මැරෙන ලෙසට ඒ නිසයි මේ කුමරුන් දෙස නොබැලුවේ" යි සෙනසුරු පිළිතුරු දුන්නේය.

මගේ දරුවාට එවැනි දෙයක්‌ සිදුවනනේ නෑ. ඒ නිසා මේ කුමරු දෙස බලන්නැ යි පාර්වතිය කීවාය.

සෙනසුරු මේ කුමරු දෙස බැලුවේය. සෙනසුරු ඒ දෙස බැලූ සැණෙකින්ම ඒ කුමරුන්ගේ ගෙල සිඳී වෛකුණ්‌ඨයට ගොස්‌ විෂ්ණුගේ ශරීරයට එක්‌ විය එයින් කෝප වු ගිරිදේවිය ඔහුට ශාප කළාය. ඒ ශාපයෙන් සෙනසුරුගේ පාදයක්‌ නොන්ඩි වීය. පුතුගේ වියොවින් දුකට පත් උමා සැනසීමට ඉදිරිපත් වු විෂ්ණු දෙවියෝ ගරුඬ වාහනයේ නැගී හිසක්‌ සොයමින් ගියහ. ගංගා නදී තීරයේ නිදා සිටින ඇතකු දක්‌නට ලැබිණි. විෂ්ණු දෙවියන් ඒ නිදා සිටි ඇතාගේ හිස කපා ගෙනවුත් දරුවාගේ කඳට සවි කළහ. එකෙ ණෙහිම දරුවාට පණ ලැබිණි.

ගණ දෙවියන්ට ඇත් හිසක්‌ ලැබුනේ එලෙසිනි. දළයක්‌ කැඩී ගියේ පරශුරාමයන් සමග කළ සටනකදීය. අඹ ගෙඩියක්‌ උදෙසා දළ බිඳ ගත් බවක්‌ද කියති. හින්දු බැතිමතුන්ගේ පිළිගැනීමට අනුව ගණදෙවි කිසි විටක නොපරදින්නෙකි. සත්‍යයේත් ප්‍රතිපත්තියේත්, විශ්වාසයේත්, මූර්තිය ලෙස සැලැකේ. දරුවනට අත පොත් තැබීමේදීත්, සියලු සුබ කාර්යයන් ආරම්භයේදීත් ගණදෙවි නැමැදීම සිරිතෙකි.

ගණදෙවි, ලෙඔdaරා, ගජවත්, ගහණත්, ගණිඳු, මියහන්, ආදී නම් රාශියකින් ද ගණ දෙවියන් හැඳින්වේ.

භාවිතයට සුදුසු

ගණ දේවි ස්‌තෝත්‍ර

යතො තන්ත ශකේත රනන්තාශ්ව ජීවා

යතො නිර්ගුණාද ප්‍රමෙයා ගුණාස්‌ත

යතො භාති සර්වත්‍රිධං හෙද හින්නං

සදා තං ගණෙශං නමාමො භජාමඃ



යතශ්වා විසඃ සී-ජගත් සර්ව මෙතත්

තථාබ්ජා ඝනො වීශ්වගො විශ්ව ගොප්තා

තථෙනන්දරාද යො දෙව සංඝා මනුෂ්‍යාඃ

සදාතං ගණෙශං නමාමො භජාමඃ



යතොවහ්නි භානූර් භවො භුර්ජලංච

යතඃ සාගරාශ්චන්දර් මාෙව්‍යාම වායුඃ

යතඃ ස්‌ථාවරා ජඬගමා වෘක්‍ෂ සංඝා

සදා තං ගණෙශං නමාමො භජාමඃ



යථො දානවාඃ කින්නරා යක්‍ෂ සංඝා

යතශ්චාරණා වාරණාඃ ශ්වාපදාශ්ව

යතඃ පක්‍ෂි කිටා යතො වීරුධාශ්ව

සදා තං ගණෙශං නමාමො භජාමඃ



යතො බුඬි රඥන නාශො මුමුකේෂාඃ

යතඃ සංපදො භක්‌ත සංතොෂිකඃ ස්‍යqඃ

යතො විග්න නාශො යතඃ කාර්ය සිද්ධිඃ

සදා තං ගණෙශං නමමො භජාමඃ



යතඃ පුත්‍ර සම්පද්‍යතො වාඤ්ජිතාථො

යතො භක්‌ත විඝනාස්‌තථා නෙක රූපාඃ

යතඃ ශොක මොභෞ යතඃ කාම එව

සදා තං ගණෙශං නමාමො භජාමඃ



යතො නන්ත ශක්‌තිඃ සශෙෂො බභූව

ධරා ධාරණෙ නෙක රූපෙව ශක්‌තඃ

යතො නෙකධා ශ්වර්ග ලොකාහි නා නා

සදා තං ගණෙශං නමාමො භජාමඃ



යතො වෙදවාවො ති කුණ්‌ඨා මනොහිඃ

සදානෙති නෙතීති යත්තා ගුණන්ති

පරබ්‍රහ්ම රූපං චිදානන්ද භූතං

සදා තං ගණෙශං නමාමො භජාමඃ



ශ්‍රී ගණ දේවි නමැදුම

අනන්ත වූ ශක්‌තිය, ජීවය ඇති

නිර්ගුණ වන තර අපමණ ගුණ ඇති

තෙයාකාරයෙන් වෙසෙමින් බබලන

ගණ දෙවිදුන් නම දිනෙම්, බෙජෙම්



මේ මුළු ලෝකය නිර්මාණය විය

ජලයෙන් පහළව, ඝනව, පොළොව විය

මහිමය බව සලකා මෙ සියල්ලේ

ගණ දෙවිඳුන් නමදිනෙම් බෙජෙම්



ගින්න, ජලය, ඉර - හඳ ආකාශය

සුළඟ යනාදිය ලොව පහළ ව ඇත

මහිමය බව සලකා මෙ සියල්aලේ

ගණ දෙවිඳුන් නමදීමෙන් බෙජෙම්



අපා, දෙපා, සිවුපා, තටු ඇත් - නැති

සත්වයො පහළව සිටිති ලොවේ

මහිමය බව සලකා මේ සැමගෙම

ගණ දෙවිඳු නමදිනෙම් බෙජෙම්



දෙවි, නර, කින්නර, අසුර යනාදී

අනේක සත් වග ලොව පහළ ව ඇත

මහිමය බව සලකා මේ සැමගේ

ගණ දෙවිඳුන් නමදිනෙම් බෙජෙම්



සසල නිසල හා සපණ නොපණ ඈ

අපමණ වස්‌තුන් ගෙන් ලොව ගහනය

මහිමය බව සලකා මේ සියල්ලේ

ගණ දෙවිඳුන් නමදිනෙම් බෙජෙම්



මෝක්‌ෂයට මග දකිනා ඥානය

මේ ලොව රිසි සැපතට ධන සම්පත්

අත්පත් කර දෙන දෙවිඳාණන් වූ

ගණ දෙවිඳුන් නමදිනෙම් බෙජෙම්



දොම්නස දුරලන, සොම්නස ඇර ලන

නුනුවණ පළවන, නුවණ දිදුලවන

දුක ගෙන සැප දෙන දෙවිඳාණන් වු

ගණ දෙවිඳුන් නමිදිනෙම්, බෙජෙම්



බැතිමත් වන අය හට ඔබ සරණය

නිතියෙන් පවතින එක රැකවරණය

සිප් සත් නැණ දෙන දෙවිඳාණන් වූ

ගණ දෙවිඳුන්, නමදිනෙම්, බෙජෙම්

ශ්‍රී ගණ දෙවි කන්නලව්ව

සාධු ෘ සාධුෘෘ සාධූෘෘෘ ශ්‍රීමත් ශ්‍රී ගණපති දේව රාජෝත්තමයාණෙනි ඔබ වහන්සේ මහ දෙවියන්ගේ හා පාර්වති දේවියගේ වැඩිමහල් පුත් රුවන වන්නේය. එසේම නුවණට - බුද්ධියට - නායක වන්නේය. සියලු කාර්යයේ ජයදායකයාණන් ද වනනේය. ඔබට නමස්‌කාර කරන බවට වඳින පුදන පූජෝපහාර දක්‌වන බැතිමතුන්ගේ සකල අතුරු ආන්තරා, රෝග, විපත්ති, භය, බාධා, අණවින, හදි සූනියන්, ඇස්‌වහ, කටවහ, ආදී වූ අනේක ප්‍රකාර දෝෂාන්ධකාරයන් ධූරීභූත කොට සෙත සහනය සෞභාග්‍ය උදාකර ආරක්‍ෂාව සලසා දෙන්නේය.

ශ්‍රී ගණපති දේව රාජෝත්තමයාණෙනි, ලෝකයේ සත්‍ය පාලකයා ඔබ වහැත්සේය. අසහාය නායකයාත්, පරමාත්මයත් ඔබ වහන්සේය. එසේ වූ දෙවි රාජෝත්තමයාණෙනි, ඔබ වහන්සේගේ පිහිට පතා, ආරක්‍ෂාව පතා ආශිර්වාදය පතා පැමිණ ඔබ වහන්සේ ඉදිරියේ පෙනී සිටින මේ ආතුරයාගේ ඉල්ලීම දිවැසින් බලා වදාර දිව සවනින් අසා වදාර දුක මුදාහැර, සෙත උදාකර සැප සදා දෙන සේක්‌වාෘ

ශ්‍රී ගණේශ්වර දේව රාජෝත්තමයාණෙනි, මේ ආතුරයා කෙරෙහි අනුකම්පා කර දැන හෝ නොදැන හෝ සිදු වී ඇති දහසක්‌ වැරදි ඇතත්, සමාවී මොහුහට සෙතත්, ශාන්තියත්, සෞභාග්‍යයත් උදාකර දෙන සේක්‌වාෘ එක්‌ වෙනුවත්, දෙවනුවත්, තෙවනුවත් යදිමි. නැවත නැවතත් යදිමි. ආයුබෝවේවාෘ ආයුබෝවේවාෘෘ ආයුබෝවේවාෘෘෘ